බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින්

පෙබ 16, 2020

    ගාල්ල,බෙලිගහ ප්‍රදේශයේ ඉදිකෙරෙන,නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට, රජය තීරණය කර තිබේ.

    ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 735ක්. 2014 වර්ෂයේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර, අවසන් කිරීමට නියමිතව තිබුණේ, 2017 වර්ෂයේ ජනවාරි මාසයේ දී. එහෙත් පැවති රජය යටතේ මෙම අධිකරණ සංකීර්ණය වෙනත් ප්‍රදේශයක ඉදිකිරීමට සූදානම් කර තිබිණ. මේ නිසා අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් අඩාල විය.

    මේ සම්බන්ධව අවධානය යොමු කළ වත්මන් රජය කඩිනමින් මෙහි ඉදිකිරීම් සිදුකරන්නැයි, අදාළ නිලධාරීනට උපදෙස් දී තිබේ. අධිකරණ ශාලා, පුස්තකාල, රථ ගාල් ඇතුලු සියලු පහසුකම්වලින් මෙම අධිකරණ සංකීර්ණය සමන්විතයි. ගාල්ල කොටුව ප්‍රදේශයේ මේ වන විට පවත්වාගෙන යන අධිකරණ කටයුතු මෙම බෙලිගහ ඉදිකෙරෙන නව අධිකරණ සංකීර්ණයට රැගෙන යාමට නියමිතයි.

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 10:40

    Latest News