යුද හමුදා ආධුනික සෙබළුන් 252ක් විසිර යයි

පෙබ 16, 2020

    ශ්‍රී ලංකා යුධ හමුදා පුත්තලම පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා අංක 84 යටතේ පුහුණුව ලැබු ආධුනික සෙබළුන් විසිර යාම උළෙල එම පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩා පිටියේ පැවැත්විණි.

    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා පුත්තලම - 58 වන සේනාංකාධිපති මේජර් ජනරාල් කේ.එච්.පි.පි ප්‍රනාන්දු මහතා සහභාගිවිය. පුහුණු පාසලේ පුහුණුව ආධුනික සෙබළුන් 252 දෙනා අතුරින් දක්ෂතම වෙඩික් කරු ලෙස අ:සෙ: එස්.ඒ.සම්පත්, සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස ආධුනික සෙබළ එස්.එම්.කේ. ජීවන්ත මෙහිදී සම්මාන දිනා ගත්තේය.

    ප්‍රධාන උපදේශක මේජර් ආර්.ආර්.පි ලක්සිරි මහතා ද, පෙළපාලියේ අණදෙන්නා ලෙස මේජර් ඒ.යු.කේ හෙට්ටිආරච්චි මහතාද කටයුතු කළේය.මෙම අවස්ථාවට යුධ හමුදාවේ නිළධාරින් රැසක්, විසිර යන ආධුනික සෙබළුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 11:08

    Latest News