පුත්තලම අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මහල් නිවාස

පෙබ 08, 2020

    පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මහල් නිවාස ඉදි කෙරේ. ඊට මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණ.

    මහල් නිවාස ඉදි කෙරෙන්නේ,මහකුඹුක්කඩවල,කරුවලගස්වැව,පුත්තලම,පාලවිය,කල්පිටිය හා මුන්දලම යන ප්‍රදේශවලයි. 2010 ජනාධිපතිවරණ රැලියකට සහභාගී වෙමින් සිටිය දී මියගිය තරුණයෙකු වෙනුවෙන් එම පවුලට නිවසක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත,අරුන්දික ප්‍රනාන්දු,ප්‍රියංකර ජයරත්න හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 11:45

    Latest News