හුදෙකලා මහල් නිවාසවලට නොමිලයේ ජංගම වෛද්‍ය සායන

නොවැ 14, 2020

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කොළඹ නගරයේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශයන්හි මහල් නිවාසවල සිටින බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව මුල්කරගෙන නොමිලයේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    එළඹෙන 16 වැනිදා සිට 28 වැනිදා දක්වා එය ක්‍රියාත්මකයි.

    මෙත්සඳ සෙවන,මහිජය සෙවන,රන්මිණ සෙවන,සිරිසඳ උයන,එන්.එච්.එස්.නිවාස,රන්දිය උයන,සිරිමුතු උයන,මුවදොර උයන,සිරිසඳ සෙවන,රන්මුතු සෙවන,සදත්හිරු සෙවන,ලක්හිරු සෙවන යන නිවාස සංකීර්ණවල ජනතාව වෙනුවෙන් මෙම ජංගම සේවය පැවැත්වෙයි.

    Falt1

    falt2

    Last modified on සෙනසුරාදා, 14 නොවැම්බර් 2020 15:40

    Latest News