සුළඟින් හානිවූ පුත්තලමට විදුලිය සැපයීම කඩිනමින්

අප්‍රේ 16, 2020

    ඊයේ දින (15) ඇතිවූ සුළං තත්වයක් හේතුවෙන්  පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 350 කට පමණ හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    ආණමඩුව,පුත්තලම,කරුවලගස්වැව,නවගත්තේගම යන ප්‍රදේශවල මෙසේ බරපතල හානි සිදුවිය.සුළි සුළගත් සමග නවගත්තේම හා කරුවලගස්වැව ප්‍රදේශයට අයිස් වැස්සක් ද පතිත වී ඇති බව ජනතාව පවසයි.

    සුළග හේතුවෙන් මාර්ගවලට ගස් කඩා වැටීමෙන් විදුලි පද්ධතියට දැඩි හානි සිදුව තිබේ. මේ වන විට එම ප්‍රදේශයේ නිවාස රැසකට විදුලිය සම්පුර්ණයෙන් ඇණ හිට ඇති අතර විදුලි  සැපයුම යථා තත්වයට පත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව, ආණමඩුව හා පුත්තලම විදුලිබල මණ්ඩල නඩත්තු අංශ පවසයි.

    සුළඟ හේතුවෙන් වගා බිම් රැසක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව ගොවියෝ පවසති.රජය මගින් වී ගබඩාකර තිබූ නවගත්තේගම වෙලේවැව වී මෝල් 02ක වහලවල් සම්පුර්ණයෙන්ම ගැලවී ගොස් තිබේ.

    සුළගින් හානියට පත් ජනතාවට අද දිනය සහනය සැලසීමේ කටයුතු සිදු කෙරෙන බව, පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.වහලවල් හානී වූවන් වෙනුවෙන් තහඩු හා සීට්ද,යම් අත්තිකාරම් මුදලක් ද හෙට (17) දිනය වන විට ලබාදීමට කටයුතු කරණ බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 12:18

    Latest News