මිහින්තලය ප්‍රදේශයේ පුරාවස්තු සෙවු 9ක් නීතියේ රැහැනට

පෙබ 08, 2020

    මිහින්තලය, බෝගහයාය ප්‍රදේශයේ දී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සිදුකළ වැටලීමකට අනුව අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    එහිදී කැණීම් කිරීමට යොදාගන්නා ලද උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

    සැකකරුවන් අවුරුදු 26ත් 55ත් අතර වයස්වල පසුවන පුස්සැල්ලෑව, කටුගස්තොට, මිහින්තලය, කෑගල්ල සහ රබෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

     

    Latest News