ජනතාවගේ මානසිකත්වය ගොඩනගන්න වෙරදරන පොලීසිය

අප්‍රේ 04, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානම් සහිත මහල් නිවාස සංකීර්ණවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ සිදු කෙරිණ.

    ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ මූලිකත්වයෙන්. ඒ යටතේ මාලිගාවත්ත, මරදාන සහ ඩීන්ස් පාර යන ප්‍රදේශයන්ගේ මහල් නිවාසවල ජනතාවට සෞඛ්‍ය උපදෙස් ලබා දෙමින් රෝගී තත්වයක් ඇති වුවහොත්, ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම ඊයේ සිදු කෙරිණ. භාෂා ත්‍රිත්වයෙන්ම මෙම දැනුවත් කිරීම සිදු කිරීම විශේෂත්වයක්.

    එමෙන්ම, පොලිස් සංගීත කණ්ඩායම විසින් ජනතාවගේ මානසිකත්වය වෙනස් කිරීම වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් ද එම ස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 11:43

    Latest News