කොළඹ මහල් නිවාස 6ක් හුදකලාභාවයෙන් ඉවතට

දෙසැ 12, 2020

    කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6.00 සිට ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව,

    1. මට්ටක්කුලිය රන්දිය උයන
    2. මෝදර මෙත්සඳ සෙවණ
    3. මෝදර මිහිජය සෙවණ
    4. ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
    5. ග්‍රෑන්ඩ්පාස් සමගිපුර
    6. දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කෙරේ.

    තවත් නිවාස සංකීර්ණ 7ක හුදකලාභාවය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මේ සමග මහල් නිවාසවල හුදකලා කර සිටි ජනතාවගෙන් බහුතරයක් පමණ හුදකලා බවින් නිදහස් වන බව් අදාළ නිවාස සංකීර්ණයන්හි සිදුකළ යුතු පීසීආර් පරීක්ෂණ නිම කිරිමෙන් පසු ලද ප්‍රතිඵල පදනම් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

    Latest News