වවුනියාවේ කැළෑවකින් මරාගෙන මැරෙන ඇඳුම්ක කට්ටල 2ක්

පෙබ 18, 2021

    වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර වෙනුවෙන් යොදාගන්නා ඇඳුම් කට්ටල දෙකක් ඊයේ (17 ) සොයාගෙන තිබේ.

    රාජ්‍ය බුද්ධි ​සේවයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සඟවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගත් බවයි, වව්නියාව ආරක්ෂක අංශ පැවැසුවේ.

    සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවල තිබූ පුපුරන ද්‍රව්‍ය වර්තමානයේදී ද ජීව තත්ත්වයේ පවතින බැවින් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත අදාළ පුපුරන ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Latest News