වව්නියාවේ වී මිලදී ගැනීම සාර්ථකව

මාර් 22, 2021

    රජය සහතික මිලට වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ වී මිල දී ගැනීම සාර්ථකව සිදු වෙමින් පවතියි.

    දිස්ත්‍රික්කයේ මේ වන විට වී කිලෝ ලක්ෂ තුන හමාරකට අධික ප්‍රමාණයක් මිල දී ගෙන අවසන් බවයි,උතුරු පළාත් වී අලෙවි මණ්ඩලය පවසන්නේ.

    මෙවර මාස්කන්නයේ හෙක්ටයාර 19,000ක වවුනියාවේ වී වගා කෙරුණු අතර,අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික්ටොන් 92,200ක්.

    වවුනියාවේ ස්ථාපිත කර ඇති වී අලෙවි මණ්ඩලයේ ගබඩා 4ක දී වී මිලදී ගැනීම සිදු කෙරේ.

    Latest News