කන්කසන්තුරය මුහුදෙන් කේරළ ගංජා 157kgක්

පෙබ 05, 2020

    කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 157ක් නාවික හමුදා අත්අඩංගුවට ගැනිණ.ඇසුරුම් පහක බහා මුහුද අභ්‍යන්තරයේ සඟවා බෝයාවක් මගින් එම ස්ථානය සළකුණු කර තිබියදී කේරළ ගංජා කිලෝ 43 ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් හමුවී තිබේ.

    එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඇසුරුම් තුනක සඟවා තිබූ තවත් කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 700ක ප්‍රමාණයක් හමුවිය.ගෙවී ගිය දින 35 ක කාල සීමාව තුළදී සිදු කරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් එකකට (කිලෝග්‍රෑම් 988) ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. ඉන් කිලෝ 700 කට අධික ප්‍රමාණයක් උතුරු මුහුදේ සිදු කරන ලද මෙහෙයුම් තුලින් පමණක් හමුවූ බවයි නාවික හමුදාව පවසන්නේ.

    ඒ අනුව මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය රට තුලට පැමිණීම සාර්ථකව මැඩ පැවැත්වීමට නාවික හමුදාවට හැකිව තිබේ.ශ්‍රී ලංකා නාවික හමුදාව තම මෙහෙයුම් වඩාත් පුළුල් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ ජාතික කාර්යභාරය තුළදී තම දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දීමට නිරන්තරයෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබයි.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 09:44

    Latest News