යාලට ඇතුල් වෙන්න ඊ ටිකට් එකක්

පෙබ 05, 2020

    යාල ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍ර (ඊ ටිකට්) සේවාවක් ඇරඹීමට අවධානය යොමුව තිබේ.

    සංචාරක තදබදය අවම කිරීම මෙහි අරමුණයි. යාල ජාතික වනෝද්‍යානය සඳහා මෙතෙක්  ක්‍රියාත්මක වූයේ ප්‍රධාන දොරටු ආශ්‍රිතව ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයයි. එවැනි අවස්ථාවක එකවර  සංචාරකයින් විශාල පිරිසක් පැමිණීමේ දී ගැටලු රැසක් පැනනැගිණ. විශාල පිරිසක් එකවර වනෝද්‍යානයට ඇතුළු වීමෙන් වන සතුන් දැක බලා ගැනීමේ අවස්ථාව ද සංචාරකයින්ට අහිමි වෙයි.

    එවැනි අවස්ථාවල සතුන් සැගවී සිටීම ඊට හේතුවයි. ඊ ටිකට් නිකුත් කිරීම මගින් වනෝද්‍යානයට සංචාරකයින් ඇතුළු කිරීම පාලනය කෙරෙනු ඇති. එම නිසා සංචාරකයින් වඩා පහසුවෙන් සතුන් දැකබලා ගැනීමට හැකි බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News