වන අලි ප්‍රහාරයකින් තඹුත්තේගම වනජීවි නිලධාරීයෙක් ජීවිතක්ෂයට

ජන 31, 2020

    තඹුත්තේගම පොලිස් වසමේ කුඩාබෙල්ලකඩවන ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරීයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

    ඊයේ(30) සවස 5 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර කුඩාගල් විහාරය ප්‍රදේශයේ නිර්වින්දනය කළ වන අලියකුගේ පාදයට ලණුවක් යෙදීමට යාමේදී වන අලියා පෙරලා මෙම නිළධාරියාට පහරදීමෙන් අනතුරුව සිදුව තිබේ. ඔහු තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය බවයි වනජීවී දෙපාර්තුමේනතුව පවසන්නේ. මෘත ශරීරය මේ වන විට තඹුත්තේගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    මෙලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම - කුරුණෑගල පාර ජයබිම දකුණ ග්‍රාමයේ පදිංචිව සිටි පි.එම්. අශෝක දේශප්ප්‍රිය වෙන්දකඩුව මහතායි. 56 හැවිරිදි ඒ මහතා දෙදරු පියෙකි. ඒ මහතා වසර 30 වැඩි කාලයක් වනජීවී දෙපාර්තුමේනතුවේ සේවය කළ නිලධාරියෙකි. තඹුත්තේගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    තඹුත්තේගම පොලිස් බල ප්‍රදේශයේ උද්ගත වී ඇති අලි තර්ජන හේතුවෙන් වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් පසුගිය 2020.01.25 වන දින සිට වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් එක්ව ක්‍රියාත්මක කර ඇති බව වාර්තාවේ.

    මියසහකාර අඩවි ආරක්ෂක නිළධාරියාගේ අවසන් කටයුතු පෙබරවාරි 02 වන දින පස්වරු 4.00 පුත්තලම සේනකුප්පුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

    Latest News