රෑටත් ඉල්ලන් කන්න පාරට එන අලි (වීඩියෝ)

නොවැ 05, 2022
  • බුත්තල - කතරගම මාර්ගයේ රැඳී සිටින වනඅලි රාත්‍රී කාලයේදීත් ආහාර ඉල්ලා වාහනවලට පහරදීමට උත්සාහ කරන බව අප වාර්තාකරුවන් පවසනවා.

    දහවල් කාලයේදී මග දෙපස රැඳී සිටින වනඅලි ආහාර ඉල්ලා වාහන අසලටම පැමිණීම සහ එම වාහනවලට පහරදීම මේ දිනවල නිරන්තරයෙන් සිදුවනවා.

    එම පහරදීම් හේතුවෙන් රථ වාහනවලට දැඩි අලාභහානි සිදුව තිබෙන අතර මේ දිනවල රාත්‍රී කාලයේදී දී ද වනඅලි ආහාර බලාපොරොත්තුවෙන් මාර්ග අසල රැඳී සිටින ආකාරය දක්නට ලැබෙනවා.

    මෙලෙස රැඳී සිටින වනඅලින් අසලට ගොස් ආහාර ලබාදීම හෝ ඔවුන් අසලට ගොස් ඡායාරූප ගැනීම සිදු නොකරන ලෙසයි වනජීවී නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    Last modified on සෙනසුරාදා, 05 නොවැම්බර් 2022 12:06

    Latest News