වනජීවි නිලධාරින්ට ලබා දෙන වන්දි මුදල ඉහළට

මැයි 07, 2023

    රාජකාරී අතරතුර අනතුරට පත් වන වනජීවි නිලධාරින්ට ලබා දෙන වන්දි මුදල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

    ගිරිතලේ ජාතික වනජීවී පර්යේෂණ හා පුහුණු කේන්ද්‍රයේ ගොඩනැගිලි 03ක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

    නව පර්යේෂණාගාර සංකීර්ණයක්, නේවාසිකාගාරයක් සහ නවීන පහසුකම්වලින් යුත් දේශනාගාරයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත්. රුපියල් මිලියන 1050ක් මීට වැයකර තිබෙනවා. දේශනාගාරය තුළ එකවර 200 දෙනෙකුට පහසුකම් පවතින අතර නේවාසිකාගාරයේ එකවර 80 දෙනෙකුට නවාතැන් ගත හැකියි.

    Latest News