තෙබුවක කන්ද ගම්මානයට වන අලි තර්ජනයක්

අප්‍රේ 21, 2021

    රත්නපුර - කුරුවිට,එරත්න ශ්‍රී පාද මාර්ගයේ අඩවිකන්ද ප්‍රදේශයේ තෙබුවක කන්ද ගම්මානයට ඊයේ කඩා වැදුණු වන අලියෙක් නිවාස 4කට හා වගාවට හානි කර තිබේ.

    ගම්වාසීන්,පලාබද්දල වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා කුරුවිට පොලීසියේ නිලධාරීන් හා එක්ව වන අලියා ශ්‍රී පාද රක්ෂිතයට පලවා හැරීමට පියවර ගත්තේය.

    ප්‍රදේශවාසීන් පවසන්නේ,මෙලෙස තම ගම්මානයට වන අලියෙක් කඩා වැදුණු මුල්ම අවස්ථාව මෙය බවයි.

    ශ්‍රීපාද රක්ෂිතයේ වන අලින් හා ඇතුන් වෙසෙන බවට මීට වසර කිහිපයකට පෙර වාර්තා වූවත්, එය නිශ්චිතවම තහවුරු වූයේ මේ අවස්ථාවේ දී බවයි ගම්වාසීන් ප්‍රකාශ කළේ.

    Latest News