කොරෝනා මරණ ඉහළ යයි

ජන 31, 2020

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

    එම සංවිධානය පවසන්නේ වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව අනෙක් රටවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

    ජ්‍යාත්‍යන්තරය තුළ පවතින සෞඛ්‍යමය ගැටලූවක දී ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කල හැකි ඉහලම අනතුරු ඇඟවීම මෙය ලෙස සැළකේ.

    කෙසේවුවත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළ හෙයින් චීනය සමග සිදු කරන ජාත්‍යන්තර වෙළදාම හෝ සංචාරක කටයුතු අත්හිටුවීමක් සිදු නොවේ.

    මේ වනවිට රටවල් 18 කින් නව කොරොනා වෛරස් අසාධිතයින් 98 දෙනෙකු පිළිබඳ වාර්තා වේ.

    චීනයේ පමණක් එම සංඛ්‍යාව 10,000 කට ආසන්නයි.

    කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින් ගණන 214 දක්වා ඉහළ ගොස් ඇත.

     

    Latest News