සෙල්වාරි තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානය ඇමති විමල් විවෘත කරයි

ජන 19, 2020

    උතුරු නැගෙනහිර පවතින හා වසා දමා ඇති රාජ්‍ය කර්මාන්තශාලා සමීපව නිරීක්ෂණය කරමින් එම ප්‍රදේශවල සිව්දින නිල සංචාරයක යෙදී සිටින කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (18) උදෑසන තල් සංවර්ධන මණ්ඩලයට අයත් තල් කෙදි නිෂ්පාදන මධ්‍යස්ථානයක් විවෘත කරනු ලැබුවේ ය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ යන මහත්වරු ද සහභාගි වූහ.

    ඉදිරියේ දී උතුරු පළාත තුළ මෙවැනි මධ්‍යස්ථාන 15කට වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමටත්, හේලීස් ආයතනය හා ගිවිසුම්ගතව දැනට ඔවුන් මාසිකව ආනයනය කරනු ලබන තල් කෙඳි ප්‍රමාණය වන ටොන් 50 මෙම මධ්‍යස්ථානය මගින් නිෂ්පාදනය කර ලබාදීමටත් තල් සංවර්ධන මණ්ඩලය කටයුතු යොදා ඇත.

     

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 09:32

    Latest News