සෙල්ලකතරගම ගැටුමකින් 5ක් රෝහලේ..34ක් අත්අඩංගුවට

ජන 19, 2020

    කතරගම, මැණික් ගඟේ නිරුවතින් දියනාමින් සිටි පුද්ගලයින් 34 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම පිරිසෙන් බොහොමයක් බීමත්ව සිට ඇති බවයි, පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

    මෙම පිරිස නිරුවතින් මැණික් ගඟේ දියනෑම සිදුකර ඇති අතර පසුව ඊට ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබේ. අනතුරුව, මෙම දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇතිබවයි අප වාර්තාකරු පවසන්නේ. එම ගැටුමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    මෙලෙස මැණික් ගඟේ දිය නෑමට පැමිණි පිරිස හංවැල්ල සහ පාදුක්ක ප‍්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් පිරිසක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් හතර දෙනා අද (19) තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 09:10

    Latest News