ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කර තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් හොඳම ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස තමා පිළිගන්නේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය යැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී (5) ඊයේ රාත්‍රියේ රැස්විය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රීලනිපයේ වත්මන් නායකත්වය හේතුවෙන් පාක්ෂිකයා සහ පක්ෂය දැඩි අපහසුතාවයකට පත් වීමෙන් පක්ෂය විනාශ වීමට ඉඩ ඇති බැවින් ජනාධිපතිවරණයේදී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

යහපාලනය තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව ගුණාංග ස්ථාපිත කිරීම තුල අර්බුදකාරී අවස්ථාවේ ඇතිවීමට තිබූ නොසන්සුන්තාවන් අවම වීමට බලපෑ බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද ප්‍රකාශ කළා.

Latest News