බහුතරයේ තින්දුව සජිත් නායකයා බවයි: සන්ධානය ගොඩනැගීමට සුදානම් - හරීන්

ජන 17, 2020

    බහුතරය විසින් සජිත් ප්‍රේමදාස මහතා නායකයා ලෙස තීන්දු කරගත් අතර හෙට (01/17) සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් හමුව සිරිකෝතේදි ඊයේ (16) පැවැත්විණ. පක්ෂයේ තීන්දුව කුමක් වුවත් බහුතරයේ එකඟතාව අනුව සජිත් ප්‍රේමදාස මහතා

    පක්ෂයේ නායක ලෙසත්, සන්ධානයේ නායක වශයෙනුත් මැතිවරණයට ඉදිරිපත් වන බව හරීන් ප්‍රනාන්දු මහතා පැවසිය. බහුතර කැමැත්ත අනුව තීරණය ගන්නා ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකින් තොරව ඊයේ පැවති පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවද අවසන් විය.

    Latest News