මිරිහාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු සියදිවි හානි කර ගනී

ජන 15, 2020

    මිරිහාන පොලිස් ස්ථානයේ පාරිසරික අංශයේ ස්ථානාධිපතිවරයා ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගනියි.

    අද (15) උදෑසන මිරිහාන පොලිස් ස්ථානය තුළ දී අදාළ පොලිස් පරීක්ෂකවරයා පිස්තෝලයකින් වෙඩි තබා ගෙන ඇත. ඔහු වයස 36ක් වූ වෙරළුගහවත්ත, කැලණියේ පදිංචි නිලධාරියෙකි. සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලීසිය විසින් සිදු කරයි.

    Latest News