සියදිවි නසා ගැනීම් නිවාරණය සදහා වන ජාත්‍යන්තර දිනය අද

සැප් 10, 2021

    සියදිවි නසා ගැනීම් නිවාරණය සදහා වන ජාත්‍යන්තර දිනය අදයි.

    සියදිවි නසා ගැනීම් පිළිබඳ තොරතුරු හා අවබෝධය ප්‍රචලිත කිරීමෙන් එය නිවාරණය මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. 2003 වසරේ දී එය ප්‍රකාශයට පත් කෙරිණි.

    සියදිවි නසා ගැනීම් නිවාරණය සදහා වන අන්තර්ජාතික සංගමයේ මෙහෙයවීමෙන් ආරම්භ වු එම වැඩසටහනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය ලැබිණි.

    දැනුවත් භාවය අඩුවීම, හුදෙකලාව, බැඳීම්වලින් තොරව වීම, අවධානය යොමු කරවා ගැනීම හා පීඩනයෙන් මිදීම යන කරුණු මුල් කරගෙන ඇතැම් පිරිස් සියදිවි නසා ගැනීමට පෙළඹෙති. මානසික ආතතිය, අපවාදය, විශාදය, භීතිය, උන්මාදය, වැනි මානසික රෝග ද සිය දිවි නසා ගැනීමට හේතු වෙයි.

    දැනුවත් කිරීම් , නිසි අවධානය යොමු කිරීම හා ප්‍රජා සහභාගිත්වයෙන් සිය දිවි නසා ගැනීම් වලක්වා ගත හැකි බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි.

    Latest News