විශ්‍රාමික ඉන්ජිනේරුවා කසිප්පු ජාවාරමේදි අවියක් සමඟ මාට්ටු

ජන 15, 2020

    කලටුවාව - ලබූගම රක්ෂිතයේ වසර ගණනාවක් පවත්වාගෙන ගිය මහා පරිමාණ  මත්පැන් ජාවාරමක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සතුව තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ගෝඩා මිලි ලීටර් ලක්ෂයක ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිණ.  සැකකරු දඹෝර, තුම්මෝදර පදිංචි විශ්‍රාමික ඉංජිනේරුවෙක්. ඔහු හොර මත්පැන් නිෂ්පාදනයට අමතරව දීර්ඝ කාලයක සිට වන සතුන් දඩයම් කිරීමේ නිරතවූවකු බවද විශේෂ කාර්ය බලකාය අනාවරණය කරගෙන තිබේ.
    සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවිය සහ ගෝඩා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පාදුක්ක පොලිසිය වෙත භාරදී තිබේ.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 13:19

    Latest News