Update : රංජන් රාමනායක 29 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)

ජන 15, 2020
  • කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කර තිබේ.

    බලපත්‍රය කල් ඉකුත් වූ ගිණි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාව, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් පසුගිය හතර වැනිදා ප්‍රථමයෙන් අත්අඩංගුවට ගනු ලැබුහ. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වරේන්තුවක් මත ඔහුගේ නිවස පරික්ෂ කිරිමකින් පසුවයි. එම පරික්ෂාවේදි රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, සහිත දුරකතන සංවාද ඇතුලත් සංයුක්ත තැටි (Hard Disk) සොයා ගනු ලැබිණ.

    බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රශ්න කිරිමෙන් පසු ජනාවරි 05 වැනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරිණ. ඒ අනුව නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් එව්. යු. කේ. පැල්පොල් මහතා විසින් රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හරිනු ලැබිණ. විදෙස් ගමන් තහනමක් ද පැනවිණ.

    Ranjan1

    Ranjan2

    Ranjan3

    Ranjan4

    Ranjan5

    Ranjan 6

    Ranjan7

    (2020 - 01- 05 පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනය)

    අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා කිසියම් මැදිහත්වීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව මේ අතර පොලීසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනවාරි පස් වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    බස්නාහිර පළාත් දකුණ කොට්ඨාසය ලබගත් සොදිසි වරෙන්තුව අනුව කල පරික්ෂාවේදි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අල්ලස් කොමිසමේ විමර්ශන වලට සම්බන්ද සංවාද ඇතුලත් බවට සැක කෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටෝප් පරිගණකයක්, පිස්තෝලයක්, සජිව පතොරම් 127ක් හා සැකකටයුතු ලේඛණ කිහිපයක් සොයා ගැනීමට සමත්ව තිබිණ.

    අදාළ විමර්ශන කටයුතු වලදි ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය හෝ අපහාසය අවුස්සන ආකාරයෙන් සිදු කිරීම සඳහා එම රජයේ නිලධාරින් සමග කුමන්ත්‍රණය කිරීම හෝ ඒ සඳහා අනුබලදීම සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය නිවේදනයෙන් කියා සිටියේය.

    ඔහුගේ බලපත්‍ර රහිත පිස්තෝල භාවිතා කර කිසි යම් අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුරටත් විමර්ශනය කරන බව පොලීස් නිවේදනයෙන් අවධානරණ කර තිබිණ.

    (2020 - 01- 14 නිතපති කරුණු විමර්ශනයෙන් පසු අත්අඩංගුවට ගැනිමට උපදෙස් ලබාදීම)

    අධිකරණයේ විනිසුරුවන්ගේ සංවාද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අල්ලස් කොමිසමේ විමර්ශන වලට සම්බන්ද සංවාද ඇතුලත් දෘඩ තැටි හා සංයුක්ත තැටි විමර්ශන අනුව නිතිපති දප්පුල ද ලිවේර මහතා විසින් රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදිනි. රන්ජන් රාමනායක මහතා සතු වු හඩ පට ඇතුළත් සීඩී තැටි මගින් විවිධ අධිකරණවල සහ විනිසුරුවන්ගේ නම් අනාවරණය වී ඇති බවත් එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ (2) වගන්තිය උල්ලංඝණය වී ඇතැයි නීතිපති දප්පුල ලිවේරා මහතා කියා සිටියේය.

    ඒ අනුව අධිකරණයේ කටයුතුවලට මැදිහත්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ වරෙන්තුවක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපති විසින් කොළඹ අපරාධ පොලිස් කොට්ඨාශයට උපදෙස් ඊයේ ලබා දුන්නේය.

    රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගැනිමට අවශ්‍ය අධිකරණ වරෙන්තුව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේදි නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත්තේය.

    එම වරේන්තුව අනුව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, රංජන් රාමනායක මහතාව ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිණ.

     

    Update : රංජන් රාමනායක ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට (ප.ව1.40)

    ඊයේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරේ. ගංගොඩවිල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතාගේ මහරගම පිහිටි නිවසට පොලිස් අපරාධ කොට්ඨාසය විසින් රන්ජන් රාමනායක මහතා රැගෙන පැමිණි බව වාර්තාවේ.

    රංජන් රාමනායක අද අධිකරණය හමුවට - (7:40)

    කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව අත්අඩංගුවට අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අධිකරණය හා විනිසුරුවරුන්ගේ රාජකාරිවලට මැදිහත්වීම සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට ඊයේ පස්වරුවේ උපදෙස් දෙනු ලැබීය.

    ඒ අනුව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගැනිමට අවශ්‍ය අධිකරණ වරෙන්තුව ලබාගත්තේය. අනතුරුව ඊයේ (14) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, මාදිවෙල පිහිටි නිවසේදීයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සන්තකයේ තිබු බව කියවෙන දුරකතන සංවාද ඇතුළත් හඬපටවල අධිකරණයේ ඇතැම් විනිසුරුවරුන් සමඟ සංවාද ඇති බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුව ඇතැයි ද නීතිපති පවසයි.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 18:10

    Latest News