රන්ජන් රාමණායකගේ මන්ත්‍රීධුරය ගැන තීරණය අද

අප්‍රේ 05, 2021

    රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ නියෝගය අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නියෝගය අද දින නිකුත් කිරීමට දින නියම කර තිබේ.

    පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් තමාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණි.

    Latest News