update-රන්ජන් 20 දක්වා රිමාන්ඩ්

අප්‍රේ 14, 2020

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගා ගත කිරීමට අධිකණය අද නියෝග කළේ.

    ඒ ඊයේ අත්අඩංගුවට ගත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

    (රන්ජන් අද අධිකරණය හමුවට-පෙ.ව 7.10)

    අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රංජන් රාමනායක මහතා ඊයේ (13) මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.

    මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවීමට කැබ් රථයකින් පිළියන්දල ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු ඇඳිරිනීති කොන්දේසි උල්ලංඝණය කරමින් පැමිණ මන්ත්‍රීවරයා හමුවීමට අවශ්‍ය බව එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් හට දන්වා තිබේ.

    එම අවස්ථාවේ ඔහු සන්තකයේ වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොතිබූ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විමසීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

    එහිදී එම ස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කරමින් අදාල පුද්ගලයා තම නිවාස සංකීර්ණය වෙත රැගෙන යාමට උත්සාහ කර තිබේ.

    එහිදී ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත හා එම චෝදනාව කඩ කිරීම සඳහා ආධාර අනුබල දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 13:37

    Latest News