හිටපු අමාත්‍ය රංජන් රාමනායකගේ හඬ පට සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් නම් කරන ලද මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව සිදුකළ විමර්ශනවලදී ඒ මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බව පොලිස්පතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ නියෝගය අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගා ගත කිරීමට අධිකණය අද නියෝග කළේ.

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක මහතා කටහඩ පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා හමුවට අද ඉදිරිපත් කෙරිණ.

රන්ජන් රාමණායක මහතාගේ කිසිඳු හඩපටයක් සභාගත කිරීම සඳහා තමන්ට ලැබී නොමැති බව, කතානායකවරයා දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා හෝ ඇමතිවරුන් හෝ අධිකරණයට බලපෑම් කර ඇති බවට, හඩ පටවල සටහන්ව ඇත්නම්, ඒවා හෙළිදරව් කරන්නැයි, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රන්ජන් රාමනායක මහතාට අභියෝග කරයි.

රක්ෂිත බන්ධනාගාර ගතකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ වන විට වැලිකඩ, මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමේ තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Latest News