කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කර තිබේ.

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 13 දෙනා ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

මදූෂ් සමග ඩුබායි අත්අඩංගුවට පත්ව, පිටුවහල් කළ මොහොමඩ් නසීම් ෆසිසාර්ව ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.

Latest News