19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් විය යුතුයි; පා.ම. කාවින්ද ජයවර්ධන

ජන 14, 2020

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් විය යුතු බව, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

    විපක්‍ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරිණ.

    එහිදී අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මහතා....

    “හැබැයි මම එක කාරණයක් පිළිගන්නවා, 19 වැනි සංශෝධනය 100%ක් සර්ව සම්පුර්ණ සාධාරණ සංශෝධනයක් නොවෙයි කියන කාරණය. වර්තමානයේ දැන් කොමිසන් සභාවල වෙන්න ඕන යුතුකම, වගකීම සිද්ධ වුණා කියන එක ඉතිහාසය ගත්තම අපිට පැහැදිලියි. යම්-යම් ආයතනවල යම්-යම් නිලධාරීන් ඉන්නවා, දූෂණයට, අක්‍රමිකතාවට, ඒ වගේම පගාවට හිස නමන ඒවට කැමති කණ්ඩායම් ඉන්නවා. ඒ අයව හඳුනගෙන, ඒ අයව නීතියේ ඉදිරියට ගෙන යාම රජයේ වගකීමක් බවට පත්වෙනවා. පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ කවුද? මේකේ පිටිපස්සේ හිටියේ කවුද? මේක වසන් කළේ කවුද? මේකට අනුබල දුන්නේ කවුද? මෙන්න මේ දේශපාලඥයා මේකට වගකියන්න ඕනේ. එහෙනම් ඒ දේශපාලඥයන්ව අත්අඩංගුවට අරගෙන පරීක්‍ෂණ කටයුතු කරන්න“ යැයි කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

    Latest News