රන්ජන්ගේ එජාප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි (වීඩියෝ)

ජන 14, 2020
  • එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමේ තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වෙන මාධ්‍ය හමුවක දී මහලේකම්වරයා මේ බව සඳහන් කළේය. බෞද්ධාගමට සහ සංඝයාවහන්සේට එරෙහිව ප්‍රකාශ ඉදිරිපත් කිරීම සහ මතභේදාත්මක දුරකථන සංවාද ඇතුළත් හඩපට සහ සංයුක්ත තැටි ඔහුගේ නිවසේ තිබූ හමුවීම යන හේතු මත පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, ඔහු කියා සිටියේය.

    රන්රන් රාමණායක මහතා රාජ්‍ය අමාත්‍යවරයාව සිටිය දී මාධ්‍ය මගින් සංඝරත්නය පිළිබඳව වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයක් මත පරීක්ෂණයක් පැවැත්විණ.

    ඔහුට එරෙහිව ඇති චෝදනා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 20:31

    Latest News