බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට එරෙහි නීතිය ඉදිරි සති 3 තුළ ක්‍රියාවට නංවන්න (වීඩියෝ)

ජන 12, 2020
  • බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට ඉදිරි සති 3 ඇතුළත නීතිය ක්‍රියාත්මක කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    එම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම ප්‍රමාද බවට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා.....

    “මේ ගොල්ලන් පසුගිය අවුරුදු හතර හමාරක කාලය පුරාම කියපු දේ තමයි මහ බැංකු බැඳුම්කර වංචාව රටේ මුදල් මෙච්චර කෝටි ප්‍රකෝටි ගණනින් නැති වෙලා තියෙනවා. හොරකම් කරලා තියෙනවා, මංකොල්ලකාලා තියෙනවා කියලා. අපි ඉතා පැහැදිලිව විපක්‍ෂය හැටියට කියනවා දැන් මහජන දේපොළ මංකොල්ල කාපු, රාජ්‍ය මුදල් අවභාවිතා කරපු, කිසියම් හෝ දේශපාලඥයෙක් හෝ නිලධාරියෙක් කවර පක්ෂයකට පාටකට ගැතිවුණත් ඔහුට දඬුවම් දිය යුතුයි. ඔවුන්ගේ නඩු අහලා, ඔවුන් වැරදිකාරයෝ බවට ඔප්පු කරලා, වැරදිකාරයෝ වුණාම ඔවුන්ගේ දේපොළ රජයට පවර ගන්න. ඒකට ගෑවිලා ඉන්න සියලු දේශපාලනඥයින්ට නඩු දාන්න. හිරේ දාන්න ඕනේ නම් හිරේ දාන්න“ යැයි මරික්කාර් මහතා පැවසීය.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා...

    Mahennannda px 900 12 01 20

    “රනිල් වික්‍රමසිංහ මහත්තයා එළවලා සජිත් ප්‍රේමදාසට නායකත්වය ගන්න විශාල කුමන්ත්‍රණයක් යනවා. ඒ කටයුත්ත කරන්න ඕනේ නිසා මරික්කාර් මහත්තයව දාලා අද මාධ්‍ය හමුවකදී කියනවා බැඳුම්කර චූදිතයන්ට දඬුවම් කරන්න කියලා. ඒ අය හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පළමුවෙනි චූදිතයා හැටියට එතුමට දඬුවම් කරහම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්න පුලුවන් කියලා. අපි එක්සත් ජාතික පක්ෂය වගේ බලහත්කාරයෙන් නඩු දාලා කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා බැඳුම්කර වංචාවේ සියලු දෙනාට නීතිපතිවරයා මේ වෙනකොට කටයුතු කරන්න තීන්දු කරලා ඉවරයි. පසුගිය 2015 අගෝස්තු මාසේ 17 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඇලෝසියස් මහත්තයා සල්ලි දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට. තව සුමාන දෙක තුනක් යනකොට නියත වශයෙන්ම බැඳුම්කර වංචාවේ චූදිතයන්ට විරුද්ධව අනිවාර්යයෙන් නීතිපතිවරයා නඩු දානවා“ යැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 18:35

    Latest News