ඇඹිලිපිටිය පරදීමක් CCTV වලින් මාට්ටු (වීඩියෝ)

ජන 10, 2020
  • ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගරාජයක සේවය කළ තරුණයකුට ඊයේ (09) රාත්‍රී මැර පිරිසක් පහර දීමෙන් රෝහල් ගත කර ඇත.

    ඇඹිලිපිටිය උඩගම ප්‍රදේශයෙන් වාර්තාවන මෙම පහරදීම ඊයේ රාත්‍රී අටත් නවයත් අතර කාලයේ දී සිදුව තිබේ. පරදීමෙන් තුවාල ලැබූ තරුණයා ඇබිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහට ඇතුළත් කර ඇත.

    එම තරුණයාට පිහියකින් ඇන පහර දීම හේතුවෙන් එයින් බේරීම සඳහා අසළ නිවසකට දුව ගොස් ඇති අතර එම නිවැසියන් විසින් මෙම තරුණයාව නිවස තුළට ගෙන දොර වසා ඇත. එයින් කෝපයට පත් මැරවරයන් එම නිවසේ තිබූ වෑන් රථයකට, ත්‍රිරෝද රථයකට සහ පාපැදි ඇතුළු දේපළ රැසකට අලාභ හානි සිදුකර තිබේ. ඒ අතර නිවසේ දොර ද ඔවුන් විසින් කඩා දමා ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඇඹිලිපිටිය පොලීසිය විසින් සිදුකරයි.

    මේ සිදුවීමේ CCTV දර්ශන

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 18:12

    Latest News