ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ.පී.ඩී. ජයසිංහට ස්ථාන මාරුවක්

ජන 10, 2020

    ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ ධූරයට සහකාර පොලිස් අධිකාරී A.R.P.J. අල්විස් පත් කෙරේ.

    සහකාර පොලිස් අධිකාරී අල්විස් මහතා මෙම පත්වීමට පෙර ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රාජකාරිවලට අනුයුක්තව සිටියේය. ඒ අනුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරී ඉටු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.ඩී. ජයසිංහ මහතා විනය සහ කල්ක්‍රියා අධ්‍යක්‍ෂ ලෙස පත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 18:00

    Latest News