වැල්ලවායේ මුදල් සොරකමක් CCTV එකෙන් මාට්ටු (වීඩියෝ)

පෙබ 14, 2020
  • රෙදිපිළි අලෙවිසැළක් වෙත පැමිණි පුද්ගලයෙකු මුදල් පසුම්බියක් සොරකම් කිරීමේ සිදුවීමක් වැල්ලවායෙන් වාර්තාවේ.

    වැල්ලවාය නගරයේ ඇති මෙම රෙදිපිළි අලෙවිසැළ වෙත ඊයේ පැමිණි පුද්ගලයෙකු ඉතා සූක්ෂම ලෙස මුදල් අයකැමි ලාච්චුවේ තිබූ මුදල් පසුම්බියක් සොරාගෙන තිබේ. එම සිදුවීම ඊට යාබදව සවිකර තිබූ CCTV දර්ශනවල පැහැදිළිව පටිගතව ඇත.

    රෙදිපිළි මිලට ගැනීමට බව පවසා වෙලඳසැලට ඇතුළු වන මෙම පුද්ගලයා මුදල් අයකරන ස්ථානයේ තිබූ මුදල් පසුම්බිය දැක එය සූක්ෂම ලෙස සඟවාගන්නා ආකරය දර්ශනවල පැහැදිලිව දැකගත හැකිවේ.

    පසුව ඔහු වෙලඳසැලෙන් පිටතට ගමන් කරන අතර මේ පිළිබඳව අනාවරණය වීමෙන් අනතුරුව වෙලදසැලේ හිමිකරු විසින් වැල්ලවාය පොලිසියට පැමිනිල්ලක්ද සිදුකර ඇත.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වැල්ලවාය පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    Latest News