සියලු දරුවන්ට අද සිට නිල ඇඳුම් තිළිණපත්

ජන 08, 2020

    සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් තිළිණපත් අද සිට තම පාසල්වලින් ලබාගැනීමට හැකි බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    රජය පාසල් නිල ඇඳුම් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,900ක්. කාණ්ඩ 11කින් සමන්විත තිළිණපත් මිලියන 4.2ක් මේ වසර සඳහා මුද්‍රණය කර තිබේ. සිසුන්ගේ ශ්‍රේණි මට්ටම අනූව තිළිණපත්වල වටිනාකම තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    දුෂ්කර, අති දුෂ්කර සහ ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු සියලු පාසල්වල දරුවන්ට පාවහන් මිලදී ගැනීම සදහා තිළිණපත් ලබාදීමට ද එම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනූව පාසල් 4,690ක සිසුන් සඳහා තම තිළිණපත් හිමිවනු ඇති. එම පාසල්වලට පිරිනැමෙන තිළිණපත් ප්‍රමාණය ලක්ෂ 7ක්. ඊට අධ්‍යාපන අමාත්‍යාංශය වැය කර ඇති මුදල රුපියල් මිලියන 958ක්.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 07:46

    Latest News