පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයේ 2වැනි දිනය අද

ජන 08, 2020

    අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි.

    පසුගිය 3 වැනිදා ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට එදින රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට එළඹීය. ඒ අනුව කල්තැබීමේ විවාදය ඊයේ (07) දිනයේ ආරම්භ විය.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 07:55

    Latest News