පාසල් නිල ඇඳුම්වලින් කොටසක් පිරිනැමීමට චීනය එකඟ වෙයි

අගෝ 23, 2022

    2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය මහජන චීන සමූහාණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. 

    ඒ අනුව, නිල ඇඳුම් අවශ්‍යතාවෙන් කොටසක් ප්‍රදානයක් ලෙස ලබාදීමට එකඟතාව හිමිව තිබෙනවා. 

    එම ප්‍රදානයට අතිරේකව, ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් මිලදි ගෙන පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.   

    Latest News