තිළිණපත් වෙනුවට පාසල් නිල ඇඳුම් සඳහා යළි රෙදි (වීඩියෝ)

සැප් 29, 2020
  • පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි යළි ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, දැනට ක්‍රියාත්මක තිළිණපත් ක්‍රමය අහෝසි වනු ඇත.

    නිල ඇඳුම් සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණය දේශීය නිෂ්පාදකයින්ගෙන් මිලදී ගැනීමට නියමිතයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියේය.

    මේ අතර පළමු වසරට ළමයින් ඇතුලත් කිරීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ.

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 20:15

    Latest News