2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය මහජන චීන සමූහාණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. 

පාසල් නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 68%ක් මේ වන විටත් කලාප කාර්යාලය වෙත නිකුත් කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි යළි ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, දැනට ක්‍රියාත්මක තිළිණපත් ක්‍රමය අහෝසි වනු ඇත.

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර ඇති බවට ගෙන යන කටකතා සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් තිළිණපත් අද සිට තම පාසල්වලින් ලබාගැනීමට හැකි බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් සිසුන්ට සඳහා නිල ඇඳුම් වවුචරපත් ලබන පාසල් වාරය ආරම්භයේ දී ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර උසස් පෙළ පන්තිවල සිසුන්ට ලබාදෙන වවුචරපත්වල මුදල වැඩි කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

2016 සිට හඳුන්වා දුන් තිළිණපත් ක්‍රමය වෙනුවට, නැවතත් නිල ඇඳුම් රෙදි ලබා දීමටයි, රජය තීරණය කර තිබෙන්නේ.

Latest News