රන්ජන්ව අත්අඩංගුවට ගත් හේතු ගැන ඇමති ප්‍රසන්නගෙන් හෙලි දරව්වක්

ජන 06, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය රජය පිහිටුවු දේශපාලන ආයතන සමඟ තිබෙන සම්බන්ධතාව පිළිබඳව සොයා බැලීමට යැයි සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    රන්ජන් රාමනායක මහතා පොලිස් නිලධාරීන් සමඟ පැවැත්වු සම්බන්ධතා තුලින් බලය අයුතු ලෙස තව දුරටක් භාවිතා කිරීමක් ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දේ.

    ඔහු මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ මඩවල ප්‍රදේශය පැවැති වැඩසටහනට එක් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

    දේශපාලන වාසි වෙනුවෙන් සුළු දේශපාලන පක්ෂවල උවමනාවට කළ සියයට පහේ ප්‍රතිශත වෙනස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් බහුතරයටය ලැබෙන ලෙස වෙනස් කළ යුතු බවත් ඔහු කියා සිටියේය. ඒ තුළින් රට ස්ථාවරව පාලනය කර කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News