මව්ආරේ දිවියා ඝාතනයට 03ක් අත්අඩංගුවට

ජන 06, 2020

    ඉතා අමානුෂික අන්දමින් උඩවලව වනෝද්‍යානයේ දිවියෙකු ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    සෙවණගල, නෙළුම්වැව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අවුරුදු 35 ක පමණ වයස පසුවන්නන් බව පොලිසිය පවසයි.

    සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඝාතනයට ලක්වු දිවියාගේ සිරුර උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි මව්ආර ජලාශය අසළ තිබියදී පසුගියදා සොයා ගනු ලැබිණ.‍ පොලිස් විශේෂ කාර්ය බලකාය වනජීවි නිලධාරීන් සමග එක්ව උඩවලව වනෝද්‍යානය තුළ ආරම්භ කළ සෝදිසි මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි

    Latest News