අත්හිට වූ සිර දඬුවමට එරෙහිව ප්‍රසන්න රණතුංගගෙන් අභියාචනයක්

ජූනි 07, 2022

    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 25ක් වටිනා පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි කියන චෝදනාවට වරදකරු කර අත්හිට වූ සිර දඬුවම් නියම කරන ලද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

    අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ප්‍රසන්න රණතුංග මහතා එම අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇත.

    Latest News