ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 25ක් වටිනා පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි කියන චෝදනාවට වරදකරු කර අත්හිට වූ සිර දඬුවම් නියම කරන ලද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකළ නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ අවසන් වුණා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොවිඩ් වසංගතය හමුවේ බිදි වැටී ඇති මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ලෝක බැංකු සහාය හිමිව තිබේ.

ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය කරයි. 

යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වූ තත්වය යළි ඇති නොවීම සදහා වහා පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දුන්නේය.

මෙරටට පැමිණෙන සංචාරකයෙක්ට ‍කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත් ඔවුන් පිළිබඳ ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් පූර්ව සූදානමක් ඇති බවත් ඒ අනූව යුක්‍රේනයෙන් පැමිණි කොවිඩ් ආසාදිත බව තහවුරු වූ සංචාරකයන් තිදෙනා පිළිබඳ ඉදිරි පියවර සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙන ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නව ආයෝජන ප්‍රවර්ධන කලාප 4ක ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ.

අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණකැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශවලින් ඉල්ලයි.

Latest News