ගංජා 10kg සමග 2ක් අත්අඩංගුවට

ජන 06, 2020

    වැල්ලවාය පොලිසිය විසින් ඊයේ (5) පස්වරුවේ වියලි ගංජා කිලෝග්‍රෑම් දහයයි ග්‍රෑම් එකසිය හැටක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ වැල්ලවාය පොලිස් වසමට අයත් කෙන්හතපරළුවැව ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදීය.

    වැල්ලවාය පොලිසිය, ස්ථානීය බුද්ධි තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත. එහිදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සන්තකයේ තිබී වියළි ගංජා 8kg8 30g සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී වියලී ගංජා 1kg 330g ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

    සැකකරුවන් අද(6) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

    Latest News