නීති විරෝධීව හරක්මස් ප්‍රවාහනය කළ සැකකරුට මාංචු

ජන 04, 2020

    වාකරේ, නාවලාඩි ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    නාවික හමුදා මාර්ග බාධකයේ දී සැක කටයුතු කැබ් රථයක් පරික්‍ෂාවට ලක් විය. හරක් මස් කිලෝග්‍රෑම් 80ක් ප්‍රමාණය පූනානි ප්‍රදේශයේ සිට වාලච්චේන දක්වා ප්‍රවාහනය කර තිබේ. සැකරකු වයස අවුරුදු 41 ක් වන පූනානි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    සැකකරු,කැබ් රථය සහ මස් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 13:34

    Latest News