අළුයම උඩුකරු වූ වට්ටක්කා ලොරිය

ජන 04, 2020

    මැදවච්චියේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අද අලුයම දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්ගෝනියාව ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරලී ගොස් තිබේ.

    ලොරි රථය අධික වේගයෙන් ගමන් කිරීමත් සමඟ පිටුපස ටයර් දෙකක් පුපුරායාමෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙම ලොරි රථයේ පිටුපස ටයර් එකිනෙකට වෙනස්ව තිබීම සහ විශාල වශයෙන් ගෙවී ගිය ටයර් තිබූ බවත්, ප්‍රමාණයට වඩා භාණ්ඩ පටවා තිබීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය පවසයි.

    එහි ගමන් කර ඇත්තේ රියදුරු පමණක් බවයි අප වාර්තාකරු පවසන්නේ.

    විශාල වාහන ප්‍රමාණයක් ගමන් කරන ප්‍රධානතම මාර්ගයක් වූ ඒ 9 මාර්ගයේ අනතුර සිදුවන අවස්ථාවේ වෙනත් වාහනයක් නොපැමිණීම නිසා සිදුවන්නට තිබුණු විශාල අනතුරක් වැළකී ගිය බවයි, පොලිසිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 11:35

    Latest News