මොනරාගල පාසල් ළමුන්ට මත්පෙති විකුණූ සැකකරු අල්ලයි

සැප් 16, 2020

    මොනරාගල - මදුරකැටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති විකිණූ පුද්ගලයෙක් මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සන්තකයේ තිබී මත් පෙති 10ක් හා හෙරොයින් මිලිග්‍රෑම් 650ක් පොලිස් බාරයට ගනු ලැබීය. ඔහු අවුරුදු 25ක් වයසැති අවිවාහක අයෙක්. සැකකරු සමග සිටි තවත් පුද්ගලයින් තිදෙනෙක් ද හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගැනිණ.


    ඔවුන් මැදගම,බකිනිගහවෙල ප්‍රදේශයේ පදංචි අවුරුදු 25ත් 39ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්.

    Latest News