එක් අයෙකුට මරු කැඳවමින් රාගම වෙඩි තැබීමක්

ජන 02, 2020

    රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 07.50ට පමණ. තුවාලකරු එම ස්ථානයේදීම මියගියේය. ඔහු 30 හැවිරිදි මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    වාහනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලීසිය සැකපළ කරයි. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා තිබේ. වෙඩි තැබිම සිදු කළ පුද්ගලයා අද (02) අළුයම පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    රාගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 07:49

    Latest News