දින 100ක් තුළ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශ්වවිද්‍යාල විද්‍යායතනයක්

දෙසැ 31, 2019
  • දින සියයක් ඇතුළත රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද(31) පෙරවරුවේ රජයේ මුද්‍රණාලයේ කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ රජයේ මුද්‍රණාල ඉතිහාසයේ අඳුරුතම යුගය ලෙස පසුගිය යහපාලන යුගය පෙන්විය හැකි බවයි.

    විෂය භාර ඇමතිවරුන් 5 දෙනෙක් සිටි බවත්, මුද්‍රණාල අධිපතිවරුන් ද ඒ හා සමානව සිටි බැවින් කිසිවෙකුටත් වැඩක් නිසි ලෙස සිදු කළ නොහැකි වු බවත් අමාත්‍යවරයා පැවසීය.

    එවැනි තත්ත්වයක් තුළ ඔවුන් පුද්ගලික ප්‍රතිලාභයක් සපයා ගැනීමට පමණක් වැඩ කර ඇති බවත් මින් ඉදිරියට එවැනි තත්ත්වයක් නොවෙන්නට සියලු පාර්ශව සමඟ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෙසේ වෙතත් දින 100 ක් ඇතුළත රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව විශ්වවිද්‍යාල විද්‍යාතනයක් පිහිටු වන බවත් පැවසු ඒ මහතා ආයතනයේ ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 20:15

    Latest News